තනි පරිශීලක ප්‍රවිෂ්ට වීම අවසන් නිවේදනය - Meta


Article Images

Other languages:

This page is kept for historical interest. Any policies mentioned may be obsolete. If you want to revive the topic, you can use the talk page or start a discussion on the community forum.

මෙහි නිපැයුම් ප්‍රගතිය mw:SUL finalisation මගින් බලාගත හැක.

විකිමීඩියා පදනමේ නිර්මාපක කණ්ඩායම විසින් දැනට ක්‍රියාත්මක වන පරිශීලකයින්ට නව හා වඩාත් හොඳ මෙවලම් (විකි හරහා දැනුම්දීම් වැනි) සැපයීමේ අරමුණින් ගිණුම් ක්‍රියා කරනා ආකාරය ගැන වෙනස්කම් සිදුකරමින් යයි. මෙවැනි වෙනස්වීම් වලට සහයදීමට පරිශීලකයින්ට සෑම තැනකම එකම ගිණුම් නාමය තිබිය යුතුය. මෙමගින් ඔබට වඩා හොඳ සංස්කරණ හා සාකච්ඡා වලට උදව් වෙමින් මෙවලම් සඳහා වඩාත් නම්‍යශීලී පරිශීලක අවසර ලබා දීමට ඉඩ සළසාදයි. මේ සඳහා වූ එක් පූර්ව කොන්දේසියක් නම් විකිමීඩියා විකි 900ක් හරහා පරිශීලක ගිණුම් අනන්‍ය විය යුතුයි.

අවාසනාවකට සමහර ගිණුම් සියලු විකි හරහා අනන්‍ය නොවේ. මෙනිසා පරිශීලකයින්ගේ ගිණුම් අතර ඝට්ටනයක් ඇති වේ.සියලුම පරිශීලකයින්ට අනාගතයේදී විකිමීඩියා විකි භාවිතා කළ හැකි වන ආකාරයට අපි මෙම ගිණුම් නැවත නම් කිරීම "~" සහ ඔවුන්ගේ විකියේ නාමය ගිණුම් නාමය අගට එකතු කරයි.උදාහරණයක් ලෙස "Example" පරිශීලකයෙක් ස්වීඩන් විකිෂනරියේ සිටී. ඔහුගේ ගිණුම් නාමය "Example~svwiktionary" ලෙස නැවත නම් වේවි. මෙය 2015 අප්‍රියෙල් සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

සෑම ගිණුමක්ම පෙර ලෙසම ක්‍රියාකරනු ඇත. එමෙන්ම මේ වනතෙක් කරඇති සෑම සංස්කරණයකම අයිතියද ඔබට හිමුවනු ඇත. නමුත් යළි නම් කෙරුණු ගිණුම් ඇති පරිශීලකයින් (අනාගතයේ අප විසින් දැනුම් දෙන) ඔවුන් නැවටහ පිවිසීමේදී නව ගිණුම් නාමය භාවිතා කළ යුතුය

පරිශීලකයින් දේශීය ලෙස යළි නම් කිරීම ඉවත් කර ඇත. එයට හේතුව දේශීය යළි නම් කිරීමේ ක්‍රියාමාර්ගය මගින් ගෝලීය ගිණුම් අසම්බන්ධ වීමයි. පරිශීලකයින් ඔවුන්ගේ ගිණුම් නාමයට අකමැති නම් යළි නම් කිරීමක් ඔවුනගේ දේශීය විකිවල ගෝලීය යළි නම් කිරීමේ ඉල්ලීම් මගින් හෝ මෙටාහි තවදුරටත් යළිනම් කිරීමේ ඉල්ලීම් මගින් කළ හැක.

තව බලන්න